ලංකාවෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හමුවෙයි

ලංකාවෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හමුවෙයි
Spread the love

ලෝකයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් අද (03) දින පෙරවරුවේ නිකුත් කරනු ලැබූ විශේෂ නිල නිවේදනයක සදහන් වේ.

අද දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත්, වසංගත රෝග විද්‍යාඥ සම්ත ගිණිගේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ රංජිත් බටුවන්තුඩාව යන මහත්වරුන් සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැති අතර එහිදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ එම ආසාදිතයා නයිජීරියාවේ සිට පැමිණි 25 හැවිරිදි කාන්තාවක බවයි.

මෙම රෝගියා  දැනටමත්  නිරෝධායනයට යොමුකර සිටින බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා  ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් හා  ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන්ද  පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවත්  ප්‍රකාශ කළේය.