ශ්‍රී ලංකාව තුළ ‘ඔමික්‍රොන්‘ වේගයෙන් පැතිරෙන බවට විශේෂඥයින් අනතුරු අඟවයි

ශ්‍රී ලංකාව තුළ ‘ඔමික්‍රොන්‘ වේගයෙන් පැතිරෙන බවට විශේෂඥයින් අනතුරු අඟවයි
Spread the love

ඩෙල්ටා ප්‍රභේදය අභිබවා යමින් මාසයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට Omicron පත්වීමේ හැකියාවක් පවතින බව වෛද්‍ය පර්යේෂණායතනයේ (MRI) විශේෂඥ වෛරස් විද්‍යාඥ වෛද්‍ය නදීකා ජනගේ මහතා පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (03) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය නදීක ජනගේ පැවසුවේ ප්‍රජා සහ රෝහල් පද්ධතියෙන් ද Omicron රෝගීන් අඩු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.

“MRI හි හඳුනාගත් Omicron රෝගීන් දස දෙනාගෙන් දෙදෙනෙක් හදුනා ගත්ටත් රෝහල් වලින්” ඔහු ප්‍රකාශ කළේය.

“මේ අනුව, Omicron ආසාදිතයින් සමාජයෙන් සොයාගෙන ඇති බවත් එය දැන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් අපි පිළිගත යුතුයි,” ඔහු අවධාරණය කළේය.

මේ අතර, Omicron පිළිබඳ එක්සත් රාජධානියේ විද්‍යාත්මක දත්ත වලට අනුව, එන්නත් ලබා දී ඇති සමාජයක පවා Omicron ප්‍රභේදය ඩෙල්ටාවට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බව වෛද්‍ය ජනගේ පැවසීය.

“Omicron ගෝලීය වශයෙන් වැඩි ආසාදන හා ඉහළ රෝහල්ගතවීම් ඇති කර ඇති අතර මරණ සංඛ්‍යාව සුළු වශයෙන් ඉහළ යයි,” ඔහු පෙන්වා දුන්නේය.

“Delta හා සසඳන විට Omicron ව්‍යාධිජනක අඩු බව මූලික නිරීක්ෂණ යෝජනා කළද, එය තව දුරටත් තහවුරු කර නැහැ‘‘ වෛද්‍ය නදීක ජනගේ අවධාරණය කළේය.

“කෙසේ වෙතත්, Omicron වඩාත් බෝවන බැවින්, රෝහල්ගත වීමේ සංඛ්‍යාව වැඩි විය හැකි අතර එය සංකූලතා ඇති රෝගීන්ටද බලපානු ඇත,” ඔහු තවදුරටත් පැවසීය.

මේ අතර, වෛද්‍ය ජනගේ පැවසුවේ නිවාඩු කාලය තුළ මිනිසුන්ගේ හැසිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධනාත්මක රෝගීන් වැඩි වන බවයි.