නිව්යෝර්ක් නිවාස සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු මරුට

නිව්යෝර්ක් නිවාස සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු මරුට
Spread the love

අමෙරිකාවේ නිව්යොර්ක් හි පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක ඇතිවු ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

ගින්නෙන් තවත් පුද්ගලයින් පනහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන් 13 දෙනෙකුගේ තත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මහල් 19කින් යුත් ගොඩනැගිල්ලක දෙවන සහ තෙවන මහල්වල එම ගින්න හටගෙන ඇති අතර සෑම මහලකටම දුමාරය පැතිරගොස් ඇති බවත් මිය ගිය බොහෝ පිරිසක් අධික දුම ආග්‍රාණය වීමෙන් මරණයට පත්ව ඇති බවත් පැවසේ.

ගින්නට හේතුව විදුලි හීටරයක් බවට පොලිසිය සැක කරයි. මෙම ගොඩනැගිලි සංකීර්ණයේ අනතුරු ඇඟවීමේ සංඥ නිරතුරුව නාද වන බැවින් ගින්න හටගත් අවස්ථාවේදී නිකුත් වූ අනතුරු ඇඟවීමේ සංඥා කෙරෙහි අවධානය යොමුව නැතැයි පැවසේ. වසර 30කට පසුව අමෙරිකාවේ නිව්යෝර්ක් හි සිදුවු දරුණුතම අනතුර එය ලෙස සැළකේ.