පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට පිලියන්දල මොරටුව පාරේදී ඉකුත් 9 වැනි දා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කොළඹ රත්නාවලී බාලිකාවේ 12 හැවිරිදි සිසුවිය අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ දී මිය ගියාය.
මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් බවට සැකකරන පිරිසක් එල්ල කළ එම වෙඩි ප්‍රහාරයේ දී සිය පියාගේ ව්‍යාපාරික ස්ථානයේ දී මෙම සිසුවිය ඇගේ වැඩිමහල් සහෝදරයා සහ බාල සහෝදරිය තුවාල ලැබුවාය. වැඩිමහල් සහෝදරයා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබයි.
[rns_reactions]