සීනි මාෆියාවේ අලුත්ම සැලසුම ‘මිලියන 1500ක පොල්තෙල් බදු වංචාවද ?‘

සීනි මාෆියාවේ අලුත්ම සැලසුම ‘මිලියන 1500ක පොල්තෙල් බදු වංචාවද ?‘
Spread the love

සමස්ත ලංකා පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය හෙළිදරව් කරයි

  • අංශ රැසක බලධාරීන් හා නිලධාරීන් හවුල්
  • සත්ත්ව පාලන කර්මාන්තයට දැඩි බලපෑමක්
  • ජනපතිගෙන් විශේෂ විමර්ශනයක් ඉල්ලයි

විදේශ රටවලින් ගෙන්වා ඇති  පොල්තෙල් මෙට්‍රික් ටොන් 12,000ක් පමණ මාස කිහිපයක් තිස්සේ කොළඹ වරායේ රඳවා ගෙන ඉතා සූක්ෂම ලෙස රුපියල් මිලියන 1500ෙක බදු වංචාවක් සිදුකිරීමට පෞද්ගලික ආයතනයක් සූදානමින් සිටින බව සමස්ත ලංකා පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය හෙළිදරව් කරයි.

එහි ජාතික සංවිධායක බුද්ධික ද සිල්වා මහතා ඊයේ (14) දින පස්වරුවේ දඹුල්ල ප්‍රදේශයේ විශේෂ ප්‍රවෘත්ති  සාකච්ඡාවක් පවත්වමින් මෙම හෙළිදරව්ව සිදු කළේය.

පසුගිය  නොවැම්බර් මාසයේ සිට පොල් තෙල් තොගය වරායේ සඟවා තිබෙන බවත් අවස්ථා කිහිපයකදීම රජයේ බදු සහන ලබා ගෙන ඒවා  මුදා ගැනීමේ  සැලසුම් සහගත ක්‍රියා මාර්ගයක් ගනිමින් තිබුණු බවත් මෙරට  පොල්තෙල් නිෂ්පාදනය සඳහා  අමු ද්‍රව්‍ය හිඟය බව මවාපාමින් රාජ්‍ය නිලධාරින් සමග ඉතා සූක්ෂම ලෙස මෙරට බදු වංචා කිරීමේ උත්සාහයක් පවතින බව තම සංගමය වගකීමෙන් යුතුව හෙළිදරව් කරන බව ඔහු සඳහන් කළේය.

මෙම පොල් තෙල් බදු වංචාව  සිදුකරන්නට යන්නේ පසුගිය කාලයේ සීනි මෙරටට ගෙනවිත් බදු වංචාකළ  කණ්ඩායම බව ද බුද්ධික ද සිල්වා මහතා අවධාරණය කළේය.

දැනට රජය පනවා ඇති රුපියල් 125ක බද්ද ඉවත් කොට අත්‍යාවශ්‍යය ආහාර ද්‍රව්‍ය යටතේ වරායේ රඳවාගෙන සිටින පොල්තෙල් තොගය වෙළඳපළට යවා බදු මුදල් වංචා කිරීම් මෙහි අරමුණ බව හෙතෙම පැවසීය.

මෙරට පරිභෝජනයට අවශ්‍ය දේශීය පොල්තෙල් සියයට සියයක් ලබාදීමට පාරම්පරික පොල් තෙල් කර්මාන්තකරුවන්ට හැකියාව තිබෙන බවද එසේ තිබියදී මේ ආකාරයෙන් විදේශ රටවලින් විස කාරක සහිත පොල් තෙල් ගෙන්වීම නිසා රජයත් මහජනතාවත් මැති ඇමති ඇමැතිවරුන් පවා දැඩි  අපහසුතාවයකට පත් වීම සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

පසුගිය අප්‍රේල් මාසයේ ද සිංහල අලුත් අවුරුද්ද උදා වෙනවාත් සමඟ රටේ පොල් තෙල්  හිගයක් කෘතිමව මවාපාමින් මෙයාකාරයෙන් විස කාරක සහිත පොල්තෙල් මෙරටට ගෙන්වා ජනතාවට අලෙවි කළ සිද්ධිය තම සංගමය හෙළිදරව් කිරීමෙන් පසුව සිදුකරන ලද පරීක්ෂණ කටයුතු සියල්ල මේ වන විට අතරමග නවතා දමා ඇතැයි හෙතෙම චෝදනා කළේය.

අත්‍යාවශ්‍ය සේවා යටතේ විදේශ රටවලින් ගෙන්වන පොල් තෙල් සඳහා බදු සහන ලබා දුනහොත් දේශීයව නැගී සිට ඇති පොල් තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක ට ලක් වන බවද බුද්ධික ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

පොල් ආශ්‍රිත වගකීම් භාරව සිටින ආයතන සිදු කරනු ලබන්නේ පොල් තෙල් ආනයනයකරුවන්ගේ අවශ්‍යතා ඉටු ඉටු කිරීමක් බව ද පසුගිය කාලයේ උග්‍ර පිළිකා කාරක සහිත විස පොල්තෙල් පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබෙන බවත් ඒවා මාස කිහිපයක් යටපත් කරගෙන සිට  නැවත නත්තල් සමයේ මෙම පොල් තෙල් ජාවාරම ක්‍රියාත්මක වූ බව හෙතෙම පෙන්වා දුන්නේය.

පාරිභෝගික අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද දෝෂ පවතින  බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ ආහාරපාන වලට වගකිවයුතු පුද්ගලයෙක්  ආයතනයක් මෙරට ක්‍රියාත්මක නොවන බවය.

එමෙන් ම විදේශීය රටවලින් විස සහිත පොල් තෙල් මෙරටට ගෙන්වා  ඒවා මෙරට නිෂ්පාදනය කළ බවට ලේබල් අලවා වෙළඳ වෙළඳපොළේ අලෙවි කිරීම් ඕනෑ තරම්  සිදුවන බවද එහෙත් ඒවා කිසිදු ස්ථානයකින් පරීක්ෂාවකට ලක් නොවන බවද තමන් වගකීමෙන් යුතුව හෙළිදරව් කරන බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ ජනාධිපතිවරයා ඇතුළු මැති  ඇමතිවරුන් සමග සිදුකරන  ලද සාකච්ඡාවකින් දේශීය පොල්තෙල් සන්නාමය ආරක්ෂා කර ගනිමින් කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අමුද්‍රව්‍ය විදේශ රටවලින් ගෙන්වා මෙරට පොල් තෙල් නිෂ්පාදනය කිරීම සඳහා ජනාධිපතිවරයා  තීන්දුවක් ගත් බවත් එහෙත් එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය සේවකයින් ක්‍රියා නොකරන බවද බුද්ධික සිල්වා මහතා පෙන්වා දුන්නේය.

ජනාධාධිපතිවරයා ඇතුළු වගකිව යුතු නිලධාරීන් බලධාරීන්ට වැරදි තොරතුරු ලබාදීම නිසා මෙම දේශීය කර්මාන්ත සම්පුර්ණයෙන්ම විනාශ කිරීමේ ඉතා කූඨ සැලසුමක් ක්‍රියාත්මක වන්නේ  මුදල් වලට කෑදර බලධාරීන් නිසා  බවට ද ඔහු වැඩි දුරටත් චෝදනා කළේය.

රජයේ   නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය නිසා  ජනාධිපතිවරයා ඇතුළු රජයට ඇමති ඇමතිවරුන්ට ජනතා  අප්‍රසාදයක් ඇති වී තිබෙන බව ද බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

පුද්ගලයන්  කීපදෙනෙකුගේ අවශ්‍යතාවයකට රජයේ බදු මුදල් වංචා කිරීමට ඉඩ ලබා නොදෙන්නැයි එය  සිදුකළ  හොත් සහගහන අපරාධයක් බව තමන් ජනාධිපතිවරයාට දැනුම් දෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම තවත් හෙළිදරව්වක් කරමින් බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ කොළඹ වරායට ගෙනවිත් ඇති පොල්තෙල් ලොව වෙනත් රටවලින් ආහාර පිස ඉවත් කළ තෙල් බව ද ඒවා නැවත පිරිපහදු කරමින් දේශීය වෙළඳපොළේ විකිණීම සිදු කරන බවද තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවයි.

මෙම පොල්තෙල් පරීක්ෂා කර බැලීමේ ආයතනයක් නොමැති බවත් ප්‍රමිති ආයතන වල ක්‍රියාකලාපය පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතු  බවද ඔවුන් පහුගිය කාලයේ ද ‘පොඩ්ඩක් පොඩ්ඩක් වස කෑවට කමක් නැති බව‘ ප්‍රකාශ කළේ යැයි ද ඔහු පැවසීය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමය කඩේ යන්නේ කාටද ?

බුද්ධික ද සිල්වා මහතා මෙහිදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයට ද චෝදනා කළේය.

‘පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමය පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්  කියා සිටියේ  වීදේශ රටවලින් ගෙන්වන පොල්තෙල් වලට බදු සහන ලබා දිය යුතු බවයි. එයින් ගම්‍යවන්නේ ඔවුන්ද ප්‍රමිතිය ආයතනයේ නිලධාරීන් මෙන් ඉතා සූක්ෂම ලෙස වැඩ කරනවා දැයි  සැක මතුවන බවයි‘  සිල්වා මහතා කීවේය.

සමස්ත ලංකා පාරම් පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සම කැඳවුම්කරු දේශක්ති අලහකෝන් මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ මෙරට පොල්තෙල් කර්මාන්තය සම්පූර්ම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීමේ කුමන්ත්‍රණය පිටුපස තවත් කූඨ සැලසුම් කිහිපයක් තිබෙන බවයි.

‘මේක දේශීය පොල්තෙල් කර්මාන්තය බිඳ දැමීමේ සැලසුමක් පමණක් නොවෙයි.  මෙම බදු සහන ලබා දී විදේශ රටවල පොල්තෙල් මෙරට වෙළඳපොළට නිකුත් කිරීමෙන් මෙරට සත්ත්ව ගොවිපළ පාලනය, ගව පාලනය, කුකුල් පාලනය ආදී රැකියා සියල්ල අහිමි වෙනවා. එසේ සිදුවන්නේ දේශීයව පොල්තෙල් නිෂ්පාදනය කොට අවසන් වන පුන්නක්කු සත්ත්ව ආහාර සඳහා විශාල වශයෙන් ලබාගන්නා නිසයි. මේ නිසා සත්ව ආහාර සඳහා විදේශ රටවල්ට ගලා යන මෙරට මුදල් නැවත රටේ ඉතුරු වෙනවා. බදු සහන ලබා දී දේශීය පොල් තෙල් කර්මාන්තයය විනාශ කළහොත් දේශීය පොල් තෙල් කර්මාන්තය පමණක් නොවෙයි කුකුළු  ගොවිපළ කර්මාන්තය මෙන් ම දේශීය කිරි ගව සම්පතද විනාශ වීමේ අවදානමක පවතින බව අප වගකීමෙන් යුතුව කියනවා‘

ඉහළ ඡායාරූපය –  මාධ්‍ය හමුවට එක්ව සිටි සමස්ත ලංකා පාරම් පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ජාතික සංවිධායක  බුද්ධිකද්ධික ද සිල්වා මහතා සහ සම කැඳවුම්කරු දේශක්ති අලහකෝන් මහතා

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස