වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට එය ඇල මාර්ගයක් අද්දර නිසි ප‍්‍රමිතියකින් තොරව තනා තිබීම ප‍්‍රධාන හේතුවක් ලෙස අනුමාන කළ හැකි යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා කියයි. ඔහු වැඩිදුරටත් පවසනුයේ මෙම ගොඩනැගිල්ල පිළිබඳව දැනට සිදුකෙරෙන මූලික නිරීක්ෂණවලට අනුව එය ප‍්‍රමිතිගත ඉදිකිරීමක් නොවන බව පෙනී ගොස් ඇති බවයි.
මෙවන් ඇල මාර්ගයක් අද්දර පොළොවේ පාෂාණ සංයුතිය ශක්තිමත් නොවීම මත මෙවන් ගොඩනැගිල්ලක් තැනීම සඳහා ප‍්‍රමිතිගත ශක්තිමත් පාදමක් ඉදිකළ යුතු බවත් මෙය එවැනි ඉදිකිරීමක් නොවන බවත් මූලික වශයෙන් තහවුරු වී ඇතැයි ද කරුණාවර්ධන මහතා කීය.
‘‘කොළඹ නගරය කියන්නේ ස්වභාවික වගුරු බිමක් සහිත ප‍්‍රදේශයක්. මේ කඩා වැටුණු ගොඩනැගිල්ල දහස් දෙනෙකු පමණ එක්රොක් වන මහජන සම්බන්ධතා ගොඩනැගිල්ලක්. මෙහි උත්සවයක් පැවැත්වෙන වේලාවක වුණත් මෙම අනතුර සිදුවෙන්නට ඉඩ තිබුණා. එසේ වූවා නම් එය ලොවම කම්පා කරවන ඛේදවාකයක් වෙන්න තිබුණා. එනිසා මෙවැනි ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඒවායේ ප‍්‍රමිතිය පවත්වා ගැනීමත් ඒ පිළිබඳව අධීක්ෂණ කටයුතු නිසියාකාරව සිදුකිරීමත් කෙරෙහි වගකියයුතු සියළු අංශ මීට වඩා අවධානය යොමු කළ යුතුයි යැයි ආචාර්ය කරුණාවර්ධන මහතා කීය.