"මාව අත ගානවා. ළගට ඇවිත් ගොඩක් ලං වෙන්න හදනවා" අමිලා කියූ කථාව…

Spread the love

“සංගීත ප්‍රසංග වලට ගිහිං ඕන තරම් කරදරවලට ලක් වෙලා තියෙනවා..”

“ඒ බැඳීම මොනම හේතුවකටවත් නැති කරගන්න මට වුවමනාවක් නැහැ..”

සංගීත ප්‍රසංගවලට වැඩි ඉල්ලුමක් ඇති කරගත්ත ගායිකාවන් ලැයිස්තුවේ අමිලා නදීශානිගේ නමත් ඉහළින්ම සඳහන් වෙනවා. ඒ වගේම ඇගේ කටහඩට ප්‍රිය කරන්නන්ද බොහොමයි. ගායිකාවක් විදිහට සමාජය හදුනා ගත් අමිලා දැන් ව්‍යාපාර කටයුතු වලටත් සම්බන්ධයි. ඒ නිසා ඇයට ආදරය කරන පිරිස වෙනුවෙන් ඇය ගැන කතා කරන්න අපි කල්පනා කළා. මේ ඇගේ විස්තරයි.

අමිලා මේ දවස්වල ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වෙලා කියලා ආරංචියි…?
මගේ නිර්මාණ කටයුතු වලට වඩා මම මේ දවස්වල මුල් තැන දීලා තියෙන්නේ ව්‍යාපාර කටයුතු වලට තමයි. තව ටික දවසකින් ඒ දේවල් වලින් නිදහසක් ලැබෙයි.

ලොකු ව්‍යාපාරිකාවක් වෙද්දී ඉදිරියේදී ගායිකාවක් විදිහ දකින්න නොලැබෙයි වගේ නේද..?
මොන දේවල්වලින් කාර්ය බහුල වුණත් කලාවෙන් නම් මම ඉවත් වෙන්න හිතන්නේ නැහැ. මට දැන් හැමදේම ලැබෙන්නේ ඇති කරගෙන තියෙන්නේ ගායිකාවක් විදිහට සාර්ථක වුණ නිසයි.

අලුත් නිර්මාණ කරන්නේ නැද්ද..?
අලුතින් ගීතයක් කරා. හොරෙන් බලා සිනාසුණා කියලා. ඕඩියෝ එක විතරයි කරේ. වීඩියෝ එක කරන්න ඕන ඉක්මණටම. ඊට අමතරව හොද ගීත කරන්න උත්සහා කරනවා. කාලය අරගෙන.

ප්‍රසංග වේදිකාවට අමිලාට තියෙන ඉල්ලුම නිසාම අය කිරීම වැඩි කරලා කියලත් කතාවක් තියනවා..?
ප්‍රසංග වේදිකාවෙන් ජය ගන්නවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. හදා ගත්ත ප්‍රතිරූපය පවත්වාගෙන යන්නත් ඕන. මම ඒ දේ කරනවා. එහෙම කරන්න කියලා අය කරන මුදල වැඩි කරලා බැහැ. සමහර අය හිතනවා ජනප්‍රිය වෙද්දී ගණුදෙණු කරන මුදල වැඩි කරන එක කරන්න ඕන කියලා. එහෙම කරන අයගේ තමයි අද පැවැත්ම නැති වෙලා තියෙන්නේ. දක්ෂ නම් ජනප්‍රිය නම් පැවැත්ම හැදෙනවා. ඒක පවත්වාගෙන යන්න ඕන. මම සාමාන්‍ය මුදලක් අය කරන නිසා හැමදාම මට වැඩ තියෙනවා. බොරුවට මාකට් වෙන්න ඕන නැහැ.

රාත්‍රී කාලයට සංගීත ප්‍රසංගවලට වලට සහභාගී වෙද්දී කරදරවලට අපහසුතාවයට ලක් වෙලා නැද්ද..?
මම කිසිම සංගීත ප්‍රසංගයකට තනියම යන්නේ නැහැ. මම යන්නේ මගේ සැමියා සමන්ත එක්ක. මුල් කාලේ නම් සමහර පිරිමින්ගෙන් පුදුම විදිහට කරදර තිබ්බා. මාව අත ගානවා. ළගට ඇවිත් ගොඩක් ලං වෙන්න හදනවා. ඇදුමෙන් පවා ඇදලා කරදර කරලා තියෙනවා. දැන් නම් අත්දැකීම් තියෙන නිසාම මමත් ඇට්ටර වෙලා කියලා මට හිතෙනවා. සමහරු කතාබහ කරන්නේ මොකටද කියලා තේරෙනවා. එහෙම අයගෙන් හරිම පරිස්සම්. කෙලින්ම කියනවා පොඩ්ඩක් ඈතට වෙලා ඉන්න කියලා.

අමිලා මුල් කාලෙට වඩා දැන් ජනප්‍රියත්වයෙන් ඉහළ තැනක ඉන්න නිසා සැමියාගෙන් වෙන් වෙලා ජිවත් වෙනවා කියලත් රාවයක් පැතිරෙනවා..?
ඔය කතාව මමත් අහලා තියනවා. නමුත් මම නම් මගේ සමියාගේන්වත් මගේ දරුවන්ගේන්වත් කිසි කෙනෙකුගෙන් ඉවත් වෙලා නැහැ. අපි එකට ජිවත් වෙන්නේ. මොන හේතුවක් නිසා එහෙම කතා යනවද කියන්න නම් මම දන්නෙත් නැහැ. මම මගේ දරුවෝ ගැන සැමියා ගැන හොයලා බලන කෙනෙක්. මගේ කලා කටයුතු මේ දවස්වල මගහැරගෙන පවා සැමියාගේ ව්‍යාපාර කටයුතු වලට මම උදව් කරනවා. මම ජනප්‍රිය වෙන්න කලින් මට මගේ සැමියා ලැබුණේ. ඒ බැදීම මොනම හේතුවකටවත් නැති කරගන්න මට වුවමනාවක් නැහැ.

කාර්ය බහුල කෙනෙක් විදිහට ගෙදරට මුල් තැන දෙන්න වෙලාවක් නැතිව ඇති නේද..?
නිදහසක් නැති තරම් වැඩ. දුව බලා ගන්නේ මගේ අම්මා. පුතා මෙවර සාමාන්‍ය පෙළ කරනවා. ඒ නිසා මම එයා ගැන විශේෂයෙන්ම බලන්න ඕන. එයාගේ අමතර පන්ති ඉවර වෙන්නේ රෑට. මම තමයි එයාව ගන්න යන්නෙත්. ගෙදර උයන වැඩ නම් මග හැරෙනවා. අම්මා නැති දවසට තමයි මම උයන්නේ. නැත්තම් විශේෂ කෑමක් බීමක් මම හදනවා. ඒ වගේම පුළුවන් හැම මොහොතකම ගෙදර අය එක්ක කොහේ හරි ගිහින් විනෝද වෙලා එනවා. මොන වැඩේ කරත් සැමියා එක්ක ඉන්න නිසා එයාව නම් මට මග හැරෙන්නේ නැහැ.

ලංකාවේ ප්‍රසංග වේදිකාවට ඔබව නැතිවම බැරි වුණාට විදේශ රටවල ඉල්ලුම ඔබට කොහොමද..?
මම මේ වෙනකොට රටවල් 25ක විතර සංචාරය කරලා තියෙනවා. ඉස්සර තිබුණ ඉල්ලුම එහෙමමයි. ලබන මාසෙත් මැදපෙරදිග රටවල් කිහිපයක ප්‍රසංගවලට ආරාධනා ලැබිලා තියෙනවා.

දැන් රගපාන්නේ නැද්ද..?
අවස්ථාවක් ලැබුණොත් බලමු. එහෙම හැමදේම බධාගෙන කරන්න කැමැත්තක් නැහැ.

උපුටාගැනීම gossip.hirufm.lk වෙබ් අඩවියෙනි

[rns_reactions]