19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ පැවැත්ම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා අද (15) මූලික විරෝධතා මතු කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්ක ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහතික කළ බවත් එබැවින් මෙම පෙත්සම ඉදිරියට ගෙන යාමට නීතිමය පදනමක් නොමැති බවත්ය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මේ බව ප්‍රකාශ කළාය.