මනූෂ සහ හරීන් ගැන මැකො සභාපති කළ හෙළිදරව්ව

මනූෂ සහ හරීන් ගැන මැකො සභාපති කළ හෙළිදරව්ව
Spread the love

ජනාධිපති උපදේශකවරුන් ලෙස පත්කරනු ලැබ සිටින මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු මැතිවරණ අරමුණු සඳහා ඔවුන්ගේ වරප්‍රසාද අනිසි ලෙස භාවිතා නොකරන බව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසම උකුස්සෙකු මෙන් බලා සිටින බව මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ප්‍රකාශ කළ බව ‘ඩේලි මිරර්‘ වාර්තාවක දැක්වේ.

ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදු කරන ලද මෙම  පත්වීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ද රත්නායක මහතා සඳහන් කර ඇත. ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වුව ද පත්වීම් ලබාදීමේ ව්‍යවස්ථාමය බලය ජනාධිපතිවරයා සතුව පවතින බව කී රත්නායක මහතා කෙසේ වෙතත්, ඉහත කී හිටපු ඇමැතිවරුන් අපේක්‍ෂකයකුගේ ප්‍රවර්ධනය සඳහා වාහන වැනි වරප්‍රසාද භාවිත කරන්නේ නම් එය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව ද පැවසීය.