වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 215 දෙනෙකු ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් රිපීටර් ෂොට්ගන් දෙක බැගින් දැනටමත් ලබාගෙන ඇති බව ‘ඩේලි මිරර්‘ වෙබ් අඩවිය අද (11) වාර්තා කළේය.
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම රිපීටර් ෂොට්ගන් දෙකක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු බලධාරීන් විසින් මීට මාස දහයකට පමණ පෙර ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබූ අතර එම ඉල්ලීම අනුව මෙම ගිනි අවි ලබා දීම සිදුව ඇති බව වාර්තා වේ.
චීනයේ නිෂ්පාදිත පිස්තෝල මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කළ නමුත් ඒවායින් බොහොමයක් මේ වන විට අක්‍රියව පවතින බැවින් රිපීටර් තුවක්කු නිකුත් කිරීමට තීරණය කර ඇති බව ද අදාළ වාර්තාව පවසයි.
මෙම ගිනි අවි වෙනත් කිසිඳු තෙවන පාර්ශ්වයකට පැවරිය නොහැකි බවට ආරක්ෂක අමාත්‍යාංශය නියම කර ඇත. ඉදිරියේ දී තනතුරුවලින් බැහැරව සිටියත් මන්ත්‍රීවරුන්ට ඒවා තබා ගැනීමට ද අයිතියක් ඇති බව ද වාර්තා වේ.