2023 AL සමත් සිසුන්ට වැදගත්ම පුවතක්

2023 AL සමත් සිසුන්ට වැදගත්ම පුවතක්
Spread the love

2023  උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා ඇතුළත් කර ගන්නා කඩඉම් ලකුණු අද (20)   පස්වරුවේ නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. අද(20)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

2023 වසරේ උසස් පෙළ විභාග ප්‍රතිඵල  මැයි 31 වන දා නිකුත් කළ අතර ඊට අනුකූලව මෙම කඩඉම් ලකුණු නිකුත් කර ඇත.එම කඩඉම් ලකුණු  අද පස්වරු 6.00 සිට www.ugc.as.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post Comment