Vivo මෑතකදී සිය නවතම ස්මාර්ට් ජංගම දුරකථනය වන Vivo V50 එළිදැක්වූ අතර එය ජනප්‍රිය V Series පෙළට එක් කළේය. Vivo V50 සඳහා පෙර ඇණවුම් ලබා ගැනීම ආරම්භ වී ඇති අතර, එය ලබන සතියේ විකුණුම් ආරම්භ කිරීමට නියමිතය.
චීන වෙළඳපොළේ එළිදැක්වීමෙන් පසුව, Vivo V50 ප්රමුඛ පෙළේ X ශ්‍රේණිය සිහිපත් කරන බොහෝ විශේෂාංග ගෙන එයි.
Vivo V50 ස්මාර්ට් ජංගම දුරකථනය ගැන ඔබ දැනගත යුතු සියල්ල මෙන්න.
- Vivo V50 ගබඩා වින්‍යාස / storage configurations තුනකින් ලබා ගත හැකිය: 8GB RAM + 128GB, 8GB RAM + 256GB, සහ 12GB RAM + 256GB.
- පළමු අලෙවිය 2025 පෙබරවාරි 25 වන දින Amazon සහ Flipkart වැනි ප්‍රධාන විද්‍යුත් වාණිජ වේදිකා හරහා මෙන්ම Vivo හි නිල මාර්ගගත සහ නොබැඳි අලෙවි නාලිකා හරහා ආරම්භ වේ.
- පෙර-වෙන්කිරීම් අද (17) ආරම්භ විය.
Vivo V50 පිරිවිතර / Vivo V50 specifications
Vivo V50 ස්මාර්ට් ජංගම දුරකථනය Titanium Gray, Starry Night සහ Rose Red යන ආකර්ෂණීය වර්ණ විකල්ප තුනකින් පැමිණේ.
IP68 සහ IP69 ශ්‍රේණිගත කිරීම් සහිත මෙම ස්මාර්ට් ජංගම දුරකථනය ජලයට සහ දූවිලි වලට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර ඇති අතර කල්පැවැත්ම සහතික කරයි.
එය Android 15 මත පදනම් වූ FuntouchOS 15 මත ක්‍රියාත්මක වන අතර UFS 2.2 හරහා 512GB උපරිම ගබඩා ධාරිතාවක් සමඟින් 12GB දක්වා LPDDR4X RAM සඳහා සහය දක්වයි.
Vivo V50 ස්මාර්ට් ජංගම දුරකථනය අඟල් 6.77ක 3D වක්‍ර AMOLED සංදර්ශකයකින් සමන්විත වන අතර එය 120Hz ඉහළ high refresh rate සඳහා සහය දක්වයි.
පික්සල 2392 x 1080 විභේදනයකින් යුත් මෙම සංදර්ශකය තුළම fingerprint sensor ද ඇති අතර උපරිම දීප්තිය 4,500 nits දක්වා ළඟා වේ.
Vivo V50 ද්විත්ව කැමරා සැකසුමකින් සමන්විත වන අතර, 50MP ප්‍රධාන ස්වයංක්‍රීය නාභිගත කැමරාවක් 50MP අල්ට්රා-වයිඩ්-කෝණ කාචයක් / ultra-wide-angle lens සමඟ යුගලනය කර ඇත.
සෙල්ෆි සහ වීඩියෝ ඇමතුම් සඳහා 50MP කැමරාවක් ද ඇත.
අමතර විශේෂාංග අතර USB Type-C සම්බන්ධතාවය සහ Wi-Fi සහාය ඇතුළත් වේ.
මේ සියල්ල බලගන්වන්නේ 90W වේගවත් ආරෝපණයට සහය දක්වන ශක්තිමත් 6,000mAh බැටරියකින් වන අතර එමඟින් ඔබ දවස පුරා සම්බන්ධව සිටින බව සහතික කරයි.