පසුගිය දිනවල බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියා රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් ඊයේ(1) මෙරටට නිල වශයෙන් පරිත්‍යාග කැරිණි.
කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී මෙම බෝට්ටු දහය ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා විසින් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නිළ වශයෙන් භාර දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර හේතුවෙන්, විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙන අතර ඔවුන් බේරා ගැනීමට සහාය වන ලෙසට ශ්‍රී ලංකා රජය එරටින් ඉල්ලා තිබිණි.එම ඉල්ලීම සලකා බලමින් ඔස්ට්‍රේලියානු රජය විසින් මෙම යාත්‍රා දහය ලබා දෙන ලදී.
මේ අතර මෙරට ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් සිංගප්පූරු රජය විසින් ඇමෙරිකානු ඩොලර් ලකෂයක මූල්‍යාධාර සහ දකුණු කොරියා රජය විසින් ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂයක් වටිනා සහනාධාර තොගයක් පිරිනැමීට පියවර ගෙන ඇත.
[rns_reactions]