කඩප්පුලි රියදුරන්ට වැඩ වරදී….

Spread the love

ලොව පුරා වසරකට ලක්ෂ 13ක් රිය අනතුරු හේතුවෙන් මිය යන බව ඇසුවොත් පුදුම හිතෙයි නමුත් ඒක තමා ඇත්ත. ඒ වගේම සෑම තත්පර 6 කටම වරක් ලෝකයේ කොතැනක හෝ පුද්ගලයෙක් මරණයට පත් වන බවයි සංඛ්‍යාලේකන හෙළි කරන්නේ.

අපේ රට ගැන අවධානය යොමු කලොත් වසරකට රිය අනතුරු 37,000ක් පමණ සිදුවන අතර ඉන් 6000ක් බරපතල අනතුරු වන අතර ඒවායින් මිනිස් ජීවිත 2,050ක් පමණ අහිමි වන අතර පසුගිය 2016 වසරේ පමණක් මෙසේ අනතුරු වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3,017ක් වන අතර  ඉන් 390 දෙනකු මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථ වලින් සිදුවූ අනතුරු වලිනුයි.

රටක් ලෙස මෙවන් අනතුරු ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ රියදුරන්ගේ කිසිදු විනයක් නොමැති වීම සහ මාර්ග නීති පිළිබඳව අවබෝධයක් නොමැති වීමයි. ප්‍රධාන වශයෙන් ත්‍රිරෝද රථ රියදුරන්ගේ මෙම තත්වය ඉතා ඉහල මට්ටමක තිබෙනවා. මහා මාර්ගයේ රථවාහන පදවන පුද්ගලයෙක් නම් ඔබට මෙම ත්‍රිරෝද රථ ධාවකයන්ගේ මෙම නොහිමුනු හැසිරීමේ අත්දැකීම් නොමදව ලැබී ඇති බවට සැකයක් නැත.

අනතුරු අවම කිරීමේ අරමුණින් ත්‍රිරෝද රථ රියදුරන් සඳහා බලපත්‍ර ලබා දීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය ක්‍රියා කොට තිබෙන අතර එහිදී වයස අවුරුදු 35 ඉක්මවූ පුද්ගලයින්ට පමණක් බලපත්‍ර ලබා දීමට තීරණය කොට තිබෙන බව ව්ව්ර්තා වනවා.

ඒ පිළිබඳව සවිස්තරාත්මක වීඩියෝව පහතින් නරඹන්න.
[rns_reactions]