කටාර් සිට පැමිණෙන ශ්‍රී ලාංකියන් අමාරුවේ වැටේ…

Spread the love

කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් කටාර් රියාල් මාරු කිරීම අද (6) සිට ප්‍රතික්ෂේප කිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී තිබේ .

වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ විදේශ රැකියාවල නියුක්ත වී පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන් අසීරුතාවයට පත් වී ඇත.කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මෙන්ම , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ පිහිටි සියලු සාප්පු ද මෙසේ කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පවතී .

රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙකුගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ මැදපෙරදිග රටවල හටගෙන ඇති අයි.එස්. ත්‍රස්තවාදීන්ට කටාර් රාජ්‍යය උදව් කිරීම පිළිබඳව අර්බුදය මත ශ්‍රී ලංකා මහ බැංකුව මෙවැනි තීරණයකට එලඹ ඇති බවයි.

පෞද්ගලික විදේශ  මුදල් මාරු කරන්නන් ද කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.  කටාර් සිට පැමිණෙන මගීන්ට කටාර් රියාල් 1000 ක් දක්වා මාරු කිරිම ලංකා බැංකුවෙන් පමණක් සිදු කැරේ්‍    

[rns_reactions]