දක්ෂතාවයෙන් වෝනර්, කෝලි සම කරයි..

Spread the love

චැම්පියන්ස් කුසලානය යටතේ බංගලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟය වර්ෂාවේ බලපෑම නිසා ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර ඔස්ට්‍රේලියාව තරඟාවලියේ මුහුණ දුන් පලමු තරඟය වූ නවසීලන්තය සමඟ තරඟයේදී ද වර්ෂාව නිසා ප්‍රතිපලයක් ලබා ගැනීමට නොහැකි විය.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක නිරතවූ තමීම් ඉක්බාල් ලකුණු 95 ලබාගත් අතර ස්ටක්ගේ දෙවන කැඳවීමෙන් තමීම්ගේ ශතකය පමණක් නොව බංගලාදේශ පසුපෙළ බලාපොරොත්තුද සුන් වනු දැකගත හැකි විය.

බංගලාදේශ ඉනිම පන්දුවාර 44.3 තුල ලකුනු 182 කට සීමා විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඕස්ට්‍රේලියා ආරම්භක සබඳතාවය ලකුණු 45 කට සීමා කිරීමට රුබෙල් හුසේන් සමත් වූ අතර වර්ෂාව නිසා තරඟය නතර කරන විට ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලකුණු 83 ලබාගෙන තිබිණි.ඒ වන විට නොදැවී පහර දුන් ඩේවිඩ් වෝනර් ලකුණු 40 සහ ස්මිත් ලකුණු 22 ලබා තිබිණි.

වෝනර් මෙම ඉනිම තුල ලකුණු 4000 පසුකර යාමට සමත් වූ අතර ඔහුට ලකුණු 4000 පසු කිරීමට ඉනිම 93 ක් වය විය.ඉන්දීය පිතිකරු වීරාත් කොලිද මෙම කඩයිම් පසු කිරීමට ඉනිම 93 කට ක්‍රීඩා කර තිබුණි.එක්දින ලකුණු 4000 වේගයෙන්ම පසුකර ගිය පිතිකරුවා ලෙස වාර්තාව පිහිටවා තිබෙන්නේ හෂීම් අම්ලා විසින් වන අතර ඔහුට ලකුණු 4000 ලබා ගැනීමට වැයවී ඇත්තේ ඉනිම 81 පමණි.වාර්තාවේ දෙවන තැන සිටින විවියන් රිචඩ්ස් තම ලකුණු 4000 පසුකර යාමට ඉනිම 88 ක් වැය කර තිබේ.ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම ගණනකදී ලකුණු 4000 පසු කල ක්‍රීඩකයා උපුල් තරංග වන අතර ඔහු මෙම කඩයිම පසුකර  යාමට ඉනිම 119 ක් වැය කර තිබේ.

[rns_reactions]