කිරිඇල්ලගේ දුවටත් ඉන්ෂූරන්ස් කමිෂන්

Spread the love

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකෙරෙන මහනුවර පිටත වටරවුම් මාර්ගය හා මාතර කතරගම අධිවේග මාර්ගහී රක්ෂණ ආවරණ හොර පාරේ ලබා දෙමින් මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ දියණිය මෙන්ම පෞද්ගලික ලේකම් චාන්දණී කිරිඇල්ල රුපියල් මිලියන 300ක් උපයා ඇතිබව වාර්තාවේ.

මේ සදහා ඇයට සහාය ලබාදී ඇත්තේ කිරිඇල්ලගේ රක්ෂණ උපදේශකවරයා වන චමින්ද ඩී සිල්වා විසිනි. මෙම චමින්ද ඩී සිල්වා හැරී ජයවර්ධනට අයත් කොන්ටිනන්ටල් රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර ඔහුගේ මැදිහත්වීම මත ඔහුගේ හිතවතියක විසින් පවත්වාගෙන යන රක්ෂණ තැරැව්කාර සමාගමක් වන PRO SITE INSURANCE BROKER Company හරහා සෙලින්කෝ රක්ෂණ සමාගම වෙත අදාල ඉදිකිරීම් රක්ෂණය ලබාදී ඇත.

[rns_reactions]