පතිරණ, කැනඩාව වෙනුවෙන් ඇමරිකාවට පහරදී ශ්‍රී ලංකා නම බබළවයි…

Spread the love

ශ්‍රී ලංකාවෙන් තම ක්‍රිකට් අත්පොත තැබූ ධනුක පතිරණ දැන් ක්‍රීඩා කරන්නේ කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමටය.

කැනඩා කණ්ඩායමට අනුශුරතාවය හිමිකර දෙමින් නිමා වූ  ICC World Cricket League Division Three, 2017  තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන තැනට පත්වීමට ධනුක පතිරණ සමත් විය.

ධනුක මෙම තරඟාවලියේ ක්‍රීඩා කල හොඳම ඉනිම ක්‍රීඩා කලේ ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවය.ඔහු එහිදී  පන්දු 94 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 87 ලබාගැනීමට සමත්වූ අතර ඔහුගේ පිතිහරඹය සමඟ කැනඩාවේ ප්‍රබල ප්‍රතිවාදියකු වන ඇමරිකාව ලකුණු 91 කින් පරාජය කිරීමටද එම තරඟයේදී සමත් විය.

[rns_reactions]