චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ඉදිරියට යනවාද ඉවත් වනවාද යන්න තීරණය වන ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක තරඟයක් අද ඉන්දියාව සමඟින් පැවැත්වේ.
ඉන්දියාව සමඟ තරඟයක් යනු සෑම විටම ශ්‍රී ලංකාවට අමතර පීඩනයකි.තරඟයට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගී වන පුවතනම් ක්‍රීඩා ලෝලීනට යහපත් පුවතකි.එම පුවත ක්‍රීඩා ලෝලීනට පමණක් නොව කණ්ඩායමටද සතුටුදායී පුවතක් බව ශ්‍රී ලංකා පුහුණුකරු මාද්‍ය හමුවේ පවසා ඇත.
“සංගක්කාරයි ,මහෙලයි කණ්ඩායමෙන් අයින් වුන දවසේ ඉදල මැතිව්ස් ටත් කණ්ඩායමේ එක දිගට සෙල්ලම් කරන්න ලැබුනෙම නෑ.මැතිව්ස් නැති වුනාම ලේසි නෑ,කණ්ඩායමම ගොඩක් අත්දැකීම් අඩු කණ්ඩායමක් නිසා මැතිව්ස් වගේ ඉවසීම තියන ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්නම ඕන.”
දකුණු අප්‍රිකා තරඟ පරාජය පිළිබඳවද ග්රැහැම් ෆෝර්ඩ් අදහස් දක්වා ඇත.
“තරඟය පන්දුවාර 10 වෙනකම් අපේ පාලනේ තිබුනේ,අපේ ආරම්භයත් ගොඩක් හොඳයි.චන්දිමාල්ගේ දුවද්දී දැවී යාම තමයි තරඟයේ වෙනස් වුන තැන.ඇත්තටම හරිම කනගාටුයි ඒ පරාජය ගැන.”
දකුණු අප්‍රිකා ජාතික පුහුණු කරුවා ශ්‍රී ලංකාව හමුවේ දකුණු අප්‍රිකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය පිළිබඳව දක්වා ඇත්තේ එවැනි අදහසකි.
“අපි මේ වෙලාවේ ශ්‍රේණිගත කිරීම් වල ඉන්නේ හත්වෙනි තැන ඉන්දියාව උඩින් තමයි ඉන්නේ ,හැබැයි තරඟයේදී අපේ අය වෙනසක් කරයි.”
අද පැවත්වෙන ඉන්දීය කන්ඩායම සමග තරඟය පිළිබඳව ෆෝර්ඩ් ට ඇත්තේ යහපත් බලාපොරොත්තුවකි.
[rns_reactions]