ලංකාවට සෙනසුරු අපලය – චාමරත් ආබාධයකට ගොදුරුවෙයි….

Spread the love

ශ්‍රී ලංකා කණ්ඩායම අද චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ තමන් මුහුණ දෙන දෙවන තරඟයට මුහුණ දීමට නියමිතය.කෙසේ නමුත් එංගලන්තයෙන් වාර්තා වන්නේ එතරම් හොඳ පුවතක් නොවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ ගොන්නේ සිටි උපුල් තරංගට පැනවූ තරඟ තහනමත් සමඟ අත්දැකීම් වලින් දුප්පත් වූ ශ්‍රීලංකා කණ්ඩායමට සිටි තවත් අත්දැකීම් සහිත බලාපොරොත්තුවක් ආභාද ලැයිස්තුවට එක්වී ඇත.ඒ චාමර කපුගෙදර ආභාදයට ලක්වීමත් සමඟය.

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ තවත් බලාපොරොත්තුවක් මෙලෙස චැම්පියන්ස් කුසලානයෙන් ඉවත් වෙද්දී ඔහුගේ තැනට කැඳවා තිබෙන්නේ ආරම්භක පිතිකරුවකු වන දනුෂ්ක ගුණතිලකය.කපුගෙදර පුහුණු වීම් අතරතුරදී දනහිසේ ආභාදයකට ලක්වී ඇත්තේ ඊයේ උදෑසන දීය.

[rns_reactions]