දකුණු අප්‍රිකානු නායක ඒ බී ඩිවිලියස් සිය එක්දින තරග ඉතිහාසයේ පළමු වරට තරගයක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම අද (07) දැවී ගියා.
ඒ පකිස්තානය සමග පැවැත්වුනු ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදීයි.
ඔහු මෙලෙස පළමු පන්දුවෙන්ම දැවී ගියේ තරග 220 කින් පසුව වීම විශේෂත්වයක්.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පාකිස්තානය සමග අද තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර (D/L) න්‍යායට අනුව පකිස්තානයට ලකුණු 19ක ජයක් හිමිවිය…