ලෙඩට-දුකට බැලූ අයට අගමැති රනිල් ස්තුති කරයි

Spread the love
වෛද්‍ය ප්‍රතිකාර සඳහා දිවයිනෙන් බැහැර ගිය අවස්ථාවේ විවිධ පණිවුඩ ලබාදෙමින් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලූ සියලුම දෙනාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය හෘදයාංගම ස්තුතිය පළ කරයි.

අගමැතිවරයා මේ බව සිය ‘ට්විටර්’ ගිණුමෙහි සඳහන් කර ඇත.
පසුගිය දින ඇතිවූ අඛණ්ඩ ආපදා තත්ත්වය කළමනාකරණ වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට අවස්ථාව නොලැබීම පිළිබඳ අගමැතිවරයා එහි සිය කනගාටුව පළකර තිබේ.

තමන් දිවයිනෙන් පිටවීමට පෙර ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබාදුන් බවත් ඔවුන්ට සහ ආපදාවට ලක්වූ පිරිස වෙනුවෙන් උපකාර කළ සියලුම දෙනාටත් අගමැතිවරයා ස්තුතිය පළකර තිබේ.

[rns_reactions]