ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරුන් වන චන්ද්රපාල ලියනගේ සහ විමල් රූබසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙසේ් චෝදනා එල්ල කර තිබේ.
අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ චෝදනා පත්ර මඟින් දැනුම් දී ඇත්තේ 2014.12.16 වන දින සිට 2015.01.15 වන දින දක්වා කාලසීමාව තුළ ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් ඉතාලියේ පිහිටි ‘වන් ශ්රී ලංකා’ නමැති රූපවාහිනිය හරහා විකාශය කිරීමට එම රටේ පිහිටි ‘නෝවා විෂන් සැටලයිට්’ නමැති සමාගමට ලබාදීම තුළින් විත්තිකරුවන් දෙදෙනා එම සංස්ථාවට රුපියල් 34,54,279ක පාඩුවක් සිදුකර ඇති බවයි.
එම ක්රියාවලියේදී විත්තිකරුවන් රජයේ නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමක් හෝ විධිමත් ගිවිසුම් අස්සන් කිරීමක් හෝ සිදුකර නොමැති බවද අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ චෝදනා පත්රවල සඳහන් වේ.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 14 දෙනකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ලේඛන 28ක්ද නඩුවට අමුණා ඇත.