මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නෙට උරණවූ ඇමති ජෝන්ගෙන් යලිත් මාධ්‍යවේදීන්ට මරණ තර්ජන…

Spread the love

අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද කඳාන පක්ෂ කාර්යාලයේදී කෙරවලපිටිය ප්‍රදේශයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව වත්තල, බෝපිටිය ප්‍රදේශයට කසළ බැහැර කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අමාත්‍යවරයා කුපිතවී  මාධ්‍යවේදියාට ප්‍රතිචාර දැක්වූ අයුරු කැමරා කාචයේ සටහන්ව තිබෙනවා.

කෙසේවෙතත් වගකිවයුතු මහජන නියෝජිතයින් ලෙස මෙවැනි විදියට හැසිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ ඇත්තේ දැඩි පිළිකුළක්.

මාධ්‍යවේදීන් නියෝජනය කරන්නේ රටේ සාමාන්‍ය ජනතාවයි. ඉතින් මාධ්‍යවේදියෙකුට මහජන නියෝජිතයෙකු මෙවන් ආකාරයෙන් බැන වැදීම කොතරම් ශිෂ්ඨ සම්පන්නදැයි නැවත වරක් විමසා බැලිය යුතුයි.

[rns_reactions]