ශුරයින්ගේ කුසලාන තරඟාවලියේ තවත් පෙරළිකාර ජයක් ලැබීමට බංගලාදේශ පිල ඊයේ සමත් වුණා.
ඒ නවසීලන්ත පිලට එරෙහිවයි.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 265ක් ලබාගත්තා.
ජයග්රාහී ලකුණු 266ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගනැමීට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.
බංගලාදේශයේ මුල් කඩුලු 4 බිඳ වැටෙන විට ඔවුන්ගේ ලකුණු පුවරුව ඉදිරියේ සටහන් වූයේ ලකුණු 33ක් ලෙසයි.
කෙසේ වෙතත් කිසිවෙකු විශ්වාස නොකළ පරිද්දෙන් ෂකීබ් අල් හසන් හා මහමදුල්ලා ලකුණු 224ක් සමබන්ධතාවක් පැවැත්වීමට සමත්වුණා.
එහිදී විශිෂ්ඨ ලෙස ක්රීඩා කළ ෂකීබ් ලකුණු 114ක්ද,මහමදුල්ලා ලකුණු 102ක් ලබාගැනීමට සමත් වුණා.
මෙම සම්බන්ධතාව බංගලාදේශ ක්රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලකට පැවති හොඳම පිතිකරණ සම්බන්ධතාව ලෙස වාර්තා පොත් අතරට එක්වුණා.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ශූරයින්ගේ කුසලානයෙන් ඉවත් වීමට සිදුවූ අතර ඕස්ටේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරඟයේ තීරණය මත බංගලාදේශයේ ඉරණම තීරණය වනු ඇත.
තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න
[rns_reactions]