උතුරු පළාතේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ 2017 වසරේ උතුරේ සංවර්ධන කටයුතු සදහා වෙන් කර තිඛෙන මුදල් වැය කිරීම පිළිබද මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ නිසි සංවර්ධන සැළසුම් ඔස්සේ එම මුදල් ජනතා යහපත වෙනුවෙන් නිසි අයුරින් වැය කිරීම දේශපාලන නියෝජිතයින්ගේ මෙන්ම නිළධාරින්ගේ වගකීම බවයි.
යාපනය දිස්ත්‍රික්කයේ මහා මාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපනය, පානීය ජලය ඇතුථ ජනතාවගේ දෛනික ජීවිතය සදහා අත්‍යාවශ්‍ය පහසුකම්වල අඩු පාඩු පිළිබද මෙහිදී සොයා බැලු ජනාධිපතිතුමා එම අඩුපාඩු කඩිනමින් සපුරාදීමට නිළධාරින්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම නැවත පදිංචිකිරීම් කටයුතු පිළිබදව ද සාකච්ඡාවට ලක් විය.
නිවාස ඉදිකිරීම සදහා වැලි ලබා ගැනීමේදී ගැටලූකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බවට මෙහිදී දේශපාලන නියෝජිතයින් පෙන්වාදුන් අතර එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ පරිසරයට හානියක් නොවන අයුරින් සුදුසු ස්ථානවලින් වැලි සහ බොරථ ලබා ගැනීමට අදාළ නිර්දේශ ලබා දෙන ලෙස තමා අදාළ නිළධාරින්ට උපදෙස් ලබා දෙන බවයි.
ඒ ස`දහා ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගෙන්, පරිසර අධිකාරියේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම වනජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඉදිරි සතිය තුළ එම කටයුතු අවසන් කිරීමට උපදෙස් ලබා දෙන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන්, දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් මැති ඇමතිවරුන් මෙන්ම යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුථ රාජ්‍ය නිළධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


