මහින්ද සමඟ ජපන් ගිය ඇමති හොරෙකු සමඟ ගත්ත ආතල් කරලියට….

Spread the love

 මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයේ ජපානයේ සිය පෞද්ගලික සංචාරයක නිරත වු අතර මෙම සංචාරය සඳහා  නියෝජ්‍ය ඇමතිවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දුද සහභාගී වී සිටින අතර ඔවුන් ජපානයේ ඉතා සුවසේ නිවාඩුවක් ගත කරන බව වාර්තා වී තිබේ.

ජාවාරම්කරුවන්ට ආයුධ සැපයී,මිනීමැරුම් ආදී චෝදනා ලත් එසේම මෙරට ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍ය අපරාධකරුවකු වන උදයංග වීරතුංගද මේ දිනවල සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජපානයේ වන අතර ඔහු රුසියාවේ සිට පැමිණ මේ දිනවල මහින්ද සමඟ විනෝද වෙමින් කාලය ගත කරණ බව සඳහන් වේ.

අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයාද උදයංග වීරතුංග සමඟ ආතල් ගන්නා අයුරු දැක්වෙන ජායාරූප කිහිපයක් උදයංග විසින්ම සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.

අප අසන සරල ප්‍රශ්ණය නම්, අත් අඩංගුවට ගතයුතු බවට ජාත්‍යන්තර ඉන්ටර්පෝල් වරෙන්තු නිකුත්වී ඇති උදයංග වීරතුංග වැනි පුද්ගලයෙකු සමඟ රජයේ ඇමතිවරයෙකු ආතල් ගන්නේ කෙසේද? ශ්‍රී ලංකා පොලීසිය මේ පිළිබඳව විශේෂ විමර්ශණයක් සිදුකරන්නේ නැත්තේ ඇයි?

[rns_reactions]