තාජුදීන් ඝාතනයේ තොරතුරු සැගවූ හමුදා ප්‍රබලයින් දෙදෙනෙක් ගැන ඇත්ත එලියට…

Spread the love

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයට ලක්වූ කාලය තුළ යෝෂිත රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් ලෙස සිටි අය කළ කී දෑ සම්බන්ධ ලිඛිත සටහන් හමුදාපති හා නාවිකහමුදාපතිගෙන් රහස් පොලිසිය ඉල්ලා ඇතත් ඔවුන් ඒවා ලබාදීම මෙතෙක් පැහැර හැර ඇතැයි වාර්තා වේ.

ප්‍රශ්නගත කාලසීමාව තුළ කළ රාජකාරි, නිවාඩු ලබා ඇත්නම් නිවාඩු ලේඛන හා නිවාඩු අයැදුම්පත් යන ලේඛන ලබාදෙන ලෙස රහස් පොලිසිය හමුදාපති හා නාවික හමුදාපතිගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව පැවසේ.

අදාළ ලේඛණ ඉල්ලා සිටීමට හේතුවී ඇත්තේ වසර 2012-05-10 සිට 2012-05-22 දක්වා කාලය තුළ යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ හමුදා නිලධාරීන් විසින් රාජකාරි සිදුකරනු ලබන දෛනික ලේඛනයේ කොළ කපා හෝ කඩා ඉවත් කිරීමට කටයුතුකර තිබීම නිසාය.

කෙසේවුවද, මේ ලේඛන පාවිච්චි කරණ ලද හා ඒවායේ භාරකාරත්වය තිබූ හිටපු ජනපති ආරක්ෂක අංශයේ උසස් හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් දැරූ 22දෙනෙකුගෙන් මේ සම්බන්ධයෙන් රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශය ප්‍රශ්න කර ඇති බවද පැවසේ.

[rns_reactions]