අවුරුදු 11ක් වයසැති පාසල් දැරියක් වසර 5ක් තිස්සේ ඇගේ පියා සහ පියාගේ මිතුරකු විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම කිරීම සම්බන්ධයෙන් දැරියගේ මව විසින් පසුගියදා ගල්ගමුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබේ. මෙසේ ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ ගල්ගමුව පොලිස් බල ප්‍රදේශයට අයත්, මුදියන්නෑගම ප්‍රදේශයේ පාසල් දැරියකි. ඇය වයස අවුරුදු 7 සිට මේ දක්වාම ඇගේ පියා හා තවත් පුද්ගලයකු විසින් අවස්ථා ගණනාවකදී අතවරයට ලක් කර ඇති අතර දැරියගේ මව නිවෙසේ නොමැති අවස්ථාවලදී පියා හා මිතුරා විසින් දැරියට බරපතළ ලෙස අතවර කර ඇති බවට මව විසින් පැමිණිල්ලේ සටහන් කර තිබේ.
කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදාළ දැරිය පාසලේ ගුරුතුමියකට පැවසීමෙන් අනතුරුව ගුරුතුමිය හරහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරිය දැනුවත් කිරීමෙන් පසු දැරියගේ මවට මේ පිළිබඳව පවසා තිබේ. ඒ අනුව දැරිය හා ඇයගේ මව අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගල්ගමුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ පැමිණිල්ලක් සටහන් කොට තිබේ.
ඒ අනුව අදාළ සිදුවීමට සම්බන්ධ යැයි සැකකරන පියාගේ මිතුරා එදිනම අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඔහුව ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සැකකරු මේ මස 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් එල්. ටී. වරුෂවිතාන මහතා නියෝග කර තිබේ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගල්ගමුව, මුදියන්නෑගම, කදුරුවැව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. එසේම දැරියගේ පියා ප්‍රදේශයේ නොමැති බවත්, ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතුව ඇති බවත්, ඔහුද අත්අඩංගුවට ගැනීමට මේවන විට කටයුතු කරමින් සිටින බවත් ගල්ගමුව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
එසේම අතවරයට ලක් වූ දැරිය වෛද්‍ය ප්‍රතිකාර හා පරීක්ෂණ කටයුතු සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ගල්ගමුව සමූහ
එම්. එම්. ක්‍රිෂාන්
[rns_reactions]