ඥානසාර හිමිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් යලි වරෙන්තු

Spread the love

නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් යලි වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තාවේ.

කුරාණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් සිදු කිරීම හා ජාතික බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදීම යනසිද්ධීන් දෙකට අදාළව උන්වහන්සේට එරෙහිව මෙම නඩු දෙක පවරා ඇත.

එම නඩු ඊයේ (15) කැඳවූ අවස්ථාවේ ඥාණසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ පවතින මරණ තර්ජන හේතුවෙන් අධිකරණයට නොපැමිණෙන බවයි. 

කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න, ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ අතර අදාළ නඩුව අගෝස්තු මස 10 වැනිදා යළි කැඳවීමට නියමිතයි. 

[rns_reactions]