ගංවතුරත් සමගම දඹුල්ලේ එළවලු තොග මිල අශ්පගණන්…..

Spread the love

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීම අඩුවීමත් සමඟ විශාල වශයෙන් මිල ඉහළ ගොස් ඇත. විශේෂයෙන් දඹුල්ල වෙළෙඳපළට කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු සියල්ල කිලෝවක් රු. 150ත් 220ත් තොග මිලක් පවතින බවත් එම මිලටත් වඩා වැඩි මිලක් සිල්ලර වෙළෙඳපළේ පවතී.

ගෝවා කිලෝවක් රු. 130ත්-140ත්, ලීක්ස් රු. 70ත්-90ත්, කැරට් 220ත් 270ත්, වම්බටු රු. 120-රු. 130ත්, නෝකෝල්, රාබු , දඹල ආදී එළවළු කිලෝව රු.100 සිට 160දක්වා මිල ගණන් පැවතියද බෝංචි කිලෝවක් රු.150ක්ද කැරට් රු. 230ක් ද, අමුමිරිස් රු. 450ක්ද, කරවිල රු.180 කටද, මාළු මිරිස් රු. 280කටද මෑකරල් රු. 120කටද, බීට් රු. 160කටද පැවතිණි.

මිට සාපේක්ෂව සිල්ලර එළවළු මිල තොග මිලට වඩා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙඳපොළට ගොස් සොයා බැලීමේදී අනාවරණය විය.

[rns_reactions]