විධායක ජනපති ක්‍රමය ඉදිරියටත් – ජනපති මෛත්‍රීගෙන් තීන්දු රැසක්

Spread the love

පළාත් පාලන මැතිවරණය ප්‍රථමයෙන්ම පැවැත්වීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේ ඊයේ (15) රාත්‍රී පැවැති ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉක්මනින් සාකච්ඡා කර විසඳුමකට ආ යුතු බවට එහිදී සාකච්ඡා වී තිබේ.

අමාත්‍යාංශවලට විෂයන් බෙදීමේදී ඇතිව තිබෙන නොගැලපීම, ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාට කාර්යාලය පවත්වාගෙන යාමට ඉඩ නොදීමේ ප්‍රශ්නය ආදිය සම්බන්ධයෙන්ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇත.

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට ඉඩ නොදිය යුතු බව ශ්‍රීලනිප ඇමැතිවරුන් ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

[rns_reactions]