Deprecated: Function WP_Dependencies->add_data() was called with an argument that is deprecated since version 6.9.0! IE conditional comments are ignored by all supported browsers. in /home/u994491065/domains/supirigossip.com/public_html/wp-includes/functions.php on line 6131
කරදර මැද්දේ තේරීම් කමිටුවේ සනතුත් ගෙදර යන ලකුණු.. - Supiri Gossip
Wednesday, 24 December 2025

කරදර මැද්දේ තේරීම් කමිටුවේ සනතුත් ගෙදර යන ලකුණු..

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ පුළුල් වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ දීර්ඝ කළ නිල කාලය මෙම මස අග දී අවසන් වීමට නියමිතය.

ක්‍රිකට් තේරීම් කමිටුවේ පුළුල් වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

2016 වසරේ මැයි මස පළමුවෙනි දින සිට වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තේරීම් කමිටුව පත්කර තිබූ අතර පසුව එය චැම්පියන්ස් කුසලානය හේතුවෙන් ජුනි මස අවසානය තෙක් දීර්ඝ කරනු ලැබුණි.

වත්මන් තේරීම් කමිටුවටම ඉදිරියට පවත්වාගෙන යන්නේ දැයි විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ නව තේරීම් කමිටුවක් පත් කිරීමේ බලාපොරොත්තුවක් ඇති බවය.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 [rns_reactions]