ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසානයේ මේ වෙන කොට ළංවෙලා තියෙනවා.
ඒ කිව්වේ අවසන් මහා තරගයට.
අවසන් මහා තරගය ලබන 18 වැනිදා පැවැත්වෙන්න නියමිත වෙලා තියෙන මේ වෙලාවේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායම් ලැයිස්තුව අන්තර්ජාලයට එක්කරලා තියෙනවා.
මේ වන විට පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් වල ජයග්‍රහණයත් යොදාගෙන වෙනස් වී ඇති මෙම ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයට දක්වා පහතට වැටිලා තියෙනවා.
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදි ශ්‍රී ලංකා සිටියේ 7 වැනි ස්ථානයේ.
එ්ත් මේ තරගාවලියේ ජය පරාජයන් එක්ක ලංකාවට 8 වැනි ස්ථානයට එන විට පකිස්ථානය 7 වැනි ස්ථානයට ඇවිත් තියෙනවා.
ඒ විතරක් නෙමෙයි ඉන්දියාව තෙවැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට ඇවිල්ලා.
දෙවැනි ස්ථානයේ හිටපු ඕස්ට්‍රේලියාව තුන්වැනි තැනට වැටිලා.
ඒ වගේම පස්වැනි ස්ථානයේ හිටපු එංගලන්තය මේ වන කොට සිව්වැනි තැනට ඇවිල්ලා තියෙනවා.
නවසීලන්තය සිව්වැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා පසුබැහැලා තියෙනවා.
කොහොමවුනත් අවසානයේ කියන්න තියෙන්නේ 2019දී එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගැනීමට නම් 2017 සැප්තැම්බර් 30 වැනිදා වන විට ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළින්ම සිටින කණ්ඩායම් 7ට අවස්ථාව හිමිවෙනවා.