ඉන්දියාව හොල්ලපු සචින් පළමුවෙන් පකිස්තානු ක්‍රීඩකයෙක් බවට හෙළිදරවුවක්…

Spread the love

සචින් තෙන්ඩුල්කාර් කියලා කියන්නේ මුළු ඉන්දියාවම ආදරේ කරන ක්‍රීඩකයෙක්.ක්‍රිකට් දේවත්වයෙන් අදහන ඉන්දීය ක්‍රීඩා ලෝලින්ට සචින් කියන්නේ දෙවි කෙනෙක්.ටෙස්ට් සහ එක්දින තරඟවලදී වැඩිම ලකුණු ලබා ගැනීම ඇතුළු වාර්තාවන් රැසක්ම සචින්ගේ නම ඉදිරියේ ලියවී තිබෙනවා.ඔහු මුලින්ම ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කළේ පාකිස්තානයට එරෙහිව 1989 අවුරුද්දෙදි ජනවාරි 20 වෙනිදා.

  ඒත් ඔහු ඊට පෙර මුලින්ම පාකිස්තානු කණ්ඩායම නියෝජනය කළ බව ඔබ දන්නවාද?ඒ 1987 අවුරුද්දෙදි මුම්බායි වලදි.ඒ කාලයේදි පාකිස්තානු කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරත වුනා.එහිදී ඇතැම් පාකිස්තානු ක්‍රීඩකයින් තරඟය අතරතුර විවේක ගැනීම සඳහා ඔවුන්ට වෙන්වෙලා තිබුනු හෝටලය වෙත ගියා.එම නිසා පාකිස්තානු කණ්ඩායමට ක්‍රීඩකයින් කිහිප දෙනකුගේ අවශ්‍යතාවය දැනුනා.එහිදී ඉම්රාන් ඛාන්ගේ ආදේශක ක්‍රීඩකයා ලෙස පන්දු රැකීමට පිටියට පිවිසියේ සචින් තෙන්ඩුල්කාර්.පන්දුවාර 40 කට සීමාවුනු මෙම තරඟය පැවැත්වුනේ ප්‍රදර්ශනාත්මක තරඟයක් ලෙසිනුයි.

[rns_reactions]