වෙළෙඳ පොළ තුළ කිසිදු අවස්ථාවක සහල් හිඟයක් ඇතිවිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.
සහල් තොග පවත්වාගෙන යාම සහ ඉදිරි සහල් අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බැලීම සඳහා කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
වෙළෙඳ පොළ තුළ සහල් හිඟයක් පවතින බවට ලැබුණ තොරතුරුවලට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සාකච්ඡාව කැඳවූ බව සඳහන් වෙයි.
අවශ්‍ය පරිදි සහල් ගබඩා පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා වෙළෙඳ අමාත්‍යාංශය ඒ පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සිටිය යුතු බව දැනුම්දී ඇත.
පාලන මිලට වඩා වැඩි මිලට වෙළෙඳ පොළේ සහල් අලෙවි කිරිම හේතුවෙන් පාරිභෝගික ජනතාව මුහුණදී ඇති දුෂ්කරතාවන් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.
එමෙන්ම ඉදිරියේදී අවශ්‍යතාවය පරිදි සහල් ආනයනය කිරිම සහ පෞද්ගලික අංශය ඒ සඳහා සූදානම් කිරිම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
[rns_reactions]