IDH උණ රෝහලේ ගැටළුව මාධ්‍ය සංදර්ශනයක් – ඇමති රාජිත

Spread the love
අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් උණ රෝහලේ මතුවූ ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් විසඳුම් ඉදිරිපත් කර තිබියදීත් රජයේ වෛද‍්‍ය නිළධාරින්ගේ සංගමය විවිධ ප්‍රකාශ සිදු කරමින් ජනතාව නොමඟ යවමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එය හුදෙක් මාධ්‍ය සන්දර්ශනයක් බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඩෙංගු උණ රෝගය වැළදී පැමිණෙන රෝගීන් කළමනාකරණය කිරිමට අවශ්‍ය  පියවර මේ වන විටත් ගෙන ඇති අතර රජයේ වෛද්‍ය  නිළධාරින්ගේ සංගමය වර්තමානයේ වෘත්තිය අයිතීන් දිනා ගැනීම පසෙකලා දේශපාලන ව්‍යාපාරවල නිරත වන බව ද අමාත්‍යවරයා පවසයි.
ඩෙංගු ජනාධිපති කාර්යය සාධක බලකාය වහාම කැඳවන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් කරන අමාත්‍යවරයා ත්‍රිවිධ හමුදාව යොදවා කසළ කළමනාකරණය කිරිම පිළිබඳව ද තමන් ජනාධිපතිවරයා දැනුවත් කළ බව කියා සිටියේය.
[rns_reactions]