රෝහිත් ශර්මාවා කොදෙවු සංචාරයට එපා – විරාට් කෝලිගෙන් ප්‍රකාශයක්..

Spread the love

ඉන්දීය කණ්ඩායම චැම්පියන්ස් කුසලානයේ අවසන් තරඟය අවසන් වීමත් සමඟ කොදෙව් දේශය බලා පිටත් වීමට නියමිතය.එම සංචාරය සඳහා නම් කල ඉන්දීය කණ්ඩායමට ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා නම් කර නැත.

ශර්මා දැඩි කාර්යබහුල තරඟවාරයකට ක්‍රීඩා කල නිසා ඔහු විවේක ගන්වා ඇති බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග පවසන අතර රෝහිත් ඉවත් කිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි තම ප්‍රසාදය පල කර ඇත.

“රෝහිත් අයින් කරපු එක හොඳ තීරණයක්,ඔහුගේ උකුල ප්‍රදේශයේ කරපු ශල්‍යකර්මය ඉවර වුනාට පස්සේ එයා ගොඩක් මහන්සි වුනා.ඔහු IPL තරඟාවලියේ ආරම්භයේ ඉදන් අවසන් තරඟය වෙනකන්ම සෙල්ලම් කළා.ඊට පස්සේ චැම්පියන්ස් කුසලානේ.ක්‍රීඩකයෙකුට ලේසි වෙන්නේ නෑ ඒ විදියට එක දිගට සෙල්ලම් කරන එක.ඒ නිසා රෝහිත්ට හොඳම වෙලාවේ අවශ්‍ය විවේකය ලැබිල තියනවා.”

ශර්මා කණ්ඩායමෙන් ඉවත් කිරීම ඔහුගේ දක්ෂතා අඩු වීමකින් සිදුවූ දෙයක් නොවන බවද ඉන්දීය නායකයා වැඩි දුරටත් පවසා ඇත.

“රෝහිත් කියන්නේ ඕනෑම වෙලාවක නැවත කණ්ඩායමට එන්න පුළුවන් දක්ෂතාවක් තියන ක්‍රීඩකයෙක්, ඔහුගේ කණ්ඩායමෙන් ඉවත් කිරීම කිසිම විදියකින් දක්ෂතා ගැන ප්‍රශ්නයක් නෙවෙයි.මේ අව්රුද්ද අවසානයට අපිට ශ්‍රී ලංකා සංචාරය වගේම දකුණු අප්‍රිකාව එක්කත් තරඟාවලියක් තියනවා.ඒ තරඟාවලි දෙකට ශර්මා අවශ්‍යම ක්‍රීඩකයෙක් ඒ නිසා මේ වෙලාවේ ශර්මට විවේකයක් දීල තියන එක හැම දෙකටම හොඳයි.”

[rns_reactions]