ඊයේ දිනයේ පැවති ශුරයන්ගේ කුසලාන අවසන් මහා තරගාවලිය ඉන්දියාව පරාජය වීමත් සමග ඉන්දියානු ප්‍රේක්ෂකයන් දුකට පත් වී කලබල කරන්නටත් පකිස්තානු ප්‍රේක්ෂකයන් සතුටට පත් වී එය සැමරීමටත් එක වුනා.පකිස්තානු ප්‍රේක්ෂකයෙකු ඉන්දීය ක්‍රීඩකයෙකුට කල විහිළුවක් දුර දිග යාමක් පිලිබදව අප වෙත වාර්තා වුවා.
මෙහිදී තරගය අවසානයේ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වුවා.ඉන්පසුව ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩාගාරය වෙත යන විටදී පකිස්තානු ප්‍රේක්ෂකයින් ඉන්දීය ක්‍රීඩකයන්ට විහිලු කරමින් සිටියේය.සියලුම ඉන්දීය ක්‍රීඩකයන් එම විහිලු ගණන් නොගෙනම ක්‍රීඩාගාරය වෙත ගියද එම විහිලුව ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශාමිට ඉවසීමට හැකියාවක් තිබුනේ නැත.
පසුව එලෙස විහිලු කරමින් සිටි පකිස්තානු ප්‍රේක්ෂකයා අසලට තරහින් පැමිණි මොහොමඩ් ශාමිව අල්ලාගත් ඉන්දීය හිටපු නායක දෝනි ඔහුව ක්‍රීඩාගාරයට රැගෙන ගියා.මෙහි සම්පුර්ණ වීඩියෝව පහතින්…