මහජාතිය අපි නිසා පලමුව අපි හැදෙමු – ඇමති දුමින්දගෙන් අමුතු කතාවක්..

Spread the love

බෞද්ධ අප මේ රටේ මහජාතිය අප යනුවෙන් පැවසුවද, අපට මේ රට අයිති බව පැවසුවද, අපෙන් විය යුතු යුතුකමට වඩා අප කතා කරන්නේ වෙනත් කාරණා පිළිබඳවයි යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.

තලාව නබඩවැව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකල බෝධි ප්‍රාකාරය හා රන් වැට නිරාවරණය කිරීමේ පුණ්‍ය උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී විහාරස්ථ භූමියේ අභිනවයෙන් ඉදිවන බුද්ධ මන්දිරයේ ඉදිරි වැඩකටයුතු නිරීක්ෂණය කල අමාත්‍යවරයා විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු දායක දායිකාවන් සමගින් විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ජා කල අතර ඒ සඳහා මැදිහත් වීමට පොරොන්දු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපේ රටේ බෞද්ධයෝ බණ අහන තරමට බණ පිළිපැද්දා නම් මේ රටේ මේ සිදුවන තරම් අපරාධ සිදුවන්නේනෑ. අද අපි පත්තරයක් බැලුවොත්, රූපවාහිනියක් බැලුවොත්, ගුවන් විදුලියට සවන් දුන්නොතපිට නිතරම අහන්න ලැබෙන්නේ හොද නැති දේවල්. මාධ්‍යයත් හැමදාම ඉල්ලුම කියලා සපයා දී තිබෙන්නේ නරක දේම තමයි. බෞද්ධ අපි මේ රටේ මහා ජාතිය කියලා අපි කියනවා. හැබැයි අපෙන් විය යුතු යුතුකමට වඩා අප කතා කරන්නේ වෙනත් කාරණා පිළිබඳවයි. ඒ නිසා අපි බෞද්ධයෝ විදිහට පංසිල් රකින්න ඕන්, යම් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවනම් ඒ ප්‍රශ්නත් සමනය කරගෙන බෞද්ධයෝ විදිහට ආදර්ශමත්ව මේ රටට නායකත්වය ලබාදෙන්න අපි කටයුතු කල යුතු වෙනවා. අපි සෑම කාරණයකටම උද්ගෝෂණ හෝ අරගල කරනවා. මේ දේවල්වලින් රටක් හදන්න හෝ වෙනස් කරන්න පුලුවන්කමක් නෑ. හැබැයි අපිට බෞද්ධයෝ ලෙස අපෙ ආගමානුකූලව හිතන්න, වෙනස් වෙන්න පටන් ගත්තොත් මේ දේවල් මහා අමාරු කාරණා නෙමෙයි. හැබැයි අපි දකිනවා සමහර වෙලාවට යම් යම් වැරදි සිදු වෙනවා. අපි වැරදි කර කර අනෙක් අයගෙන් අහනවා ඇයි එහෙම කරන්නේ කියලා. අපේ ආගමේ ඉගැන්වීම් අනුව පලමුව අපි හැදෙමු. වරදට සමාව දෙමු. නැවත වරක් එවැනි වරදක් නොවෙන්න හැඩගස්සා ගමු. යනුවෙන් පැවසීය.

[rns_reactions]