ජපන් ගිය මහින්ද නීති නොසලකමින් ටොන් එකක බඩු ගෙනත්.. බලධාරීන් සුව නින්දේ..

Spread the love

පසුගියදා ජපානයේ පෞද්ගලික සංචාරයක නිරත වුනු මහින්ද රාජපක්ෂ මහතා යලි මෙරටට පැමිණීමේදී ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ටොන් එකක (කිලෝ 1000) බඩු තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

සාමාන්‍යයෙන් පැමිණි කණ්ඩායම අනුව සියල්ලන්ටම ගෙන ආ හැකි ප්‍රමාණය කිලෝ 400 ක් පමණ වුවද මහින්ද රාජපක්ෂ මහතා පමණක් මෙලෙස ටොන් එකක බඩු ගෙනෙවිත් ඇති අතර ඔහු සමඟ ගිය අනෙක් පිරිසද විශාල බඩු තොගයක් මෙරටට ගෙනවිත් තිබේ.

මේ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කර තිබේ.

මෙලෙස ගෙන ආ බඩු තොග මොනවාද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නිරාවරණය නොවන පරිදි කටයුතු කිරීමට ගුවන්තොටුපල සහ රේගු බලධාරීන් කටයුතු කර ඇත.

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ කළමනාකාරීත්වයේ තනතුරු දරනු ලබන්නේ රාජපක්ෂ හිතවාදීන් නිසා රාජපක්ෂලාට ගුවන් ගමන් වලදී විශේෂ සැලකිලි හිමිවේ.

[rns_reactions]