ජැක්සන්ට වැඩ වරදී…

Spread the love

මෑතකදී සිදු කල කැබිනට් සංශෝධනයට අදාලව විෂයන් බෙදමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීට පුර්ණ අයිතිය හිමි ‘ක්‍රියේටිව් හෙලන්කා ලිමිටඩ්’ ඇතුලත් කර තිබීම ගැන අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.

මේ සම්බන්ධයෙන් ජැක්සන් ඇන්තනී පවසන්නේ මෙම සමාගම සම්පූර්ණයෙන්ම තමනට අයත් සමාගමක් බවත් මුදල් අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත්තේ කෙසේ දැයි තමන් නොදන්නා බවත්ය.

මේ තත්වය මත අදාල ගැසට් පත‍්‍රයේ නීතිමය වලංගුතාවය ගැන බරපතල ගැටළු ගණනාවක් මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන මේ වන විට සාකච්චාවක් ඇතිව තිබේ.

[rns_reactions]