පෝද්දල ජයන්ත යලිත් කරලියට.. ගෝඨාබය තමන්ව මරන්න හදපු ආකාරය ගැන ජයන්ත සියල්ල හෙලිකරයි..

Spread the love

පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ පැහැරගෙන ගොස් අතපය කඩා පහරදී රවුල් කොණ්ඩා කපා කටේ ඔබා මහමග දමා ගොස් සිට හමුවූ වෘතිය මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සබාපති මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා අද දින (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් කරමින් විමර්ශනයක් ඉල්ලාසිටියේය.

2009 ජූනි මාසයේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන අත පය කඩා මහ මඟ දමා ගොස් සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගියේය.

ඔහුගේ හිස කෙස් සහ රැවුල කපා කටට ඔබා තිබිණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා “වෙන දේ බලා ගනිව්” කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ බවත්, තමා පහර ගැනීමට රාජපක්ෂ රෙජීමය වග කිව යුතු බවත් ජයන්ත මහතා 2015 දී මාධ්‍යට සම්මූඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවසීය.

අද දින මෙම පැමිණිල්ල බාරදීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය , තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය

[rns_reactions]