සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ම අත්පත් කරගෙන සිටි සරසවි සිසුන් ගොඩනැගිල්ල පුරා සිය සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ අතර එම කටයුතු නිසා අමාත්‍යංශයට දැඩි හානී සිදුව ඇත.
සරසවි සිසුන් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ඇති විවිධ පුවරු හා දැන්වීම් ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද ඒවා ගිනි තබා විනාශ කිරීමද සිදු කරන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (21) මෙම විරෝධතා පාගමන සංවිධානය කළේ සයිටම් ආයතනයට විරෝධය පාමින්.
කෙසේවෙතත් මේ වන විට සරසවි සිසුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක්ද සිදු වෙමින් තිබෙනවා.








[rns_reactions]

