සුසන්තිකාගෙන් ඇනගත් දයාසිරිට රිලව් කතාවකින් මාලින්ග පිළිතුරු දෙයි.

Spread the love

පසුගිය දවසක ඔයාලට මතක ඇති, අපේ ක්‍රීඩා ඇමති විදිහට කටයුතු කරන දයාසිරි ජයසේකරා කිව්වා, ලංකාවේ කොල්ලෝ ටික මැච් පරදින්න හේතුව ඔවුන්ට නිසි වියායම් නොලැබීම හා බද වැඩිවීම හේතුවෙන් බවයි. ඔහු මෙයට විසඳුමක් වශයෙන් පැවසුවේ අපේ ජාතික පිලේ ක්‍රීඩකයන්ට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවයි. හැබැයි මේ පිළිබඳව මාලිංගගේන් අසු විට ඔහු දැක්වුයේ මෙවන් අදහසක්,

” දැන් යුද්ධ කාලේ ඉවරයි, දැන් ඉතින් ඇත්තටම ආමි එකට යන්න අවශ්‍යතාවයක් නෑ කාටවත්. ගිරවා තමයි දන්නේ බෙනේ වෙන්නේ මොකක්ද කියන එක. ගිරවා තමයි බෙනේ හදා ගන්නේ. ගිරවට තමයි බෙනේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒකට රිලව් රිංගලා ඒ ගැන උත්තර දෙන්න ගියහම වෙන වෙන වැරදි වෙන්න පුළුවන්. අපි ඉන්දියාවට එරහි තරඟය දිනුවා, එතකොට අපි ඔක්කොම හොඳයි, ඔක්කොම ෆිට්. මැච් එකක් පැරදුනහම ඔක්කොම ෆිට් නැහැ ”

[rns_reactions]