වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ධුරය සඳහා පරිපාලන සේවයේ නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව යැයි පවසමින් හිටපු ලේකම්ට පක්ෂපාති එහෙයියන් කිහිපදෙනෙක් අද (23) රට පුරා සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. එහෙයියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේ හිටපු ලේකම් ලබාදෙන තුරාවට තමන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.. එය කිරීමට නොහැකි නම් ඉදිරියේ දී වඩාත් දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට අවතීරණ වන බවයි ඔහු කියා සිටියේ.
