පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුණරත්නම්ට ලංකාවේ පුරවැසි භාවය.. ලේඛනය අද ඔහු අතට..

Spread the love

2006 රාජපක්ෂ ආණ්ඩුවෙන් එල්ල වූ ජීවිත තර්ජන මැද රහසිගතව සංක‍්‍රමණය වී ඕස්ටේ‍්‍රලියාවේ වාසය කළ ඔහු 2011 නැවත මෙරටට පැමිණ සිටියදී ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන් යුත් ආරක්ෂක අංශ කන්ඩායමක් විසින් පැහැරගෙන ගොස් පිටුවහල් කරන ලදී. 2015 නැවත මෙරටට පැමිණි ඔහු සිය පාරම්පරික පුරවැසිභාවය පිළිගන්නො ලෙස කිහිපවරක් අයදුම් කළ ද එය ප‍්‍රතික්ෂේප කරණ ලදී. 2015 නොවැම්බර් 4 වැනිදා සිය නිවසේදී අත්අඩංගුවට ගෙන වීසා නොමැතිව රැුඳී සිටි ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙක් යන පදනමින් චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු වසරක සිර ද`ඩුවමකට යටත් කරන ලදී.


ආගමන විගමන පනතේ 8 වැනි වගන්තිය අනුව, ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉදිරිපත් කළ අයදුම්පත පිළිගනිමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔහු වෙත අදාළ ලේඛනය එවා ඇත.

ඕස්ටේ‍්‍රලියානු පුරවැසිභාවය ඉවත් කරගත් කුමාර් පාරම්පරික පුරවැසිභාවය පිළිබද පිළිගන්නා ලෙස ඉදිරිපත් කර තිබුණු අයදුම්පත අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එම පිළිගැනීම සිදුකර ඇත.


1981 ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ වෙමින් වාමාංශික ක‍්‍රියාකාරිත්වයට පැමිණි පේ‍්‍රමකුමාර් ගුනරත්නම්, 1989 අරගලයේදී මරා දැමුණු ජ.වි.පෙ. ක‍්‍රියාකාරිකයකු වූ රන්ජිදන් ගුණරත්නම්ගේ බාල සොහොයුරාය.

 2017 පෙබරවාරි මස පැවැති පෙ.ස.ප. දෙවැනි ජාතික සමුළුවේදී දී එම පක්ෂයේ සංවිධායක ලේකම් ලෙස පත් කරගැණුනි.

[rns_reactions]