අහිංසක යැයි කියන අන්තරේ සිසුන් පොලිස් නිලධාරියෙක්ට පහර දුන් අයුරු (VIDEO)

Spread the love

වසර 13ක පාසල් අධ්‍යාපනයෙන් පසුව රටේ ජාතික විශ්ව විද්‍යාල වලට තේරීම සඳහා සුදුසුකම් ලැබීමට උසස්පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගෙන් අතලොස්සකට පමණක් හිමිවන සරසවි වරම ලබා ගැනීමට ඔවුන් අපමණ වෙහෙස වෙති.

කෑමක් බීමක් හරියට නැතිව රෑ නිදි වරාගෙන පාඩම් කරමින් වෙහෙසවී කැම්පස් යන කොල්ලෝ කෙල්ලෝ ගැන දෙමව්පියන් අනෙක බලාපොරොත්තු තබාගෙන සිටින්නේ තම දරුවන් හොඳින් ඉගෙනගෙන රටට බරක් නොවී රටට වැඩදායි අයවලුන් කිරීමටය. නමුත් ඇත්තටම අපේ රටේ කැම්පස් වල වෙන්නේ කුමක්ද?

එහි ගිය අහිංසක දරුවන් මැරයින් බවට පත්වන්නේ කෙලෙසද?

පහත දැක්වෙන වීඩියෝව අවසන්වනතුරු නරඹන්න….

මේ අමානුෂික ලෙසින් රටේ නිත්‍ය හා සාමය රැකීමේ රාජකාරිය කරන පොලිස් නිලධාරියකුට පැහැර දෙන්නේ කැම්පස් ගිය උගත් යයි කියන සරසවි සිසුවෙකි. සමස්ත කැම්පස් කොල්ලෝ කෙල්ලෝ මෙම තත්වයෙන් අප නොදැක්කත් මෙම දරුවන් මේ තත්වයට පත්වීම රටක් ලෙස අප සිටින්නේ කොතනකද කියා පෙන්වන සාධකයකි. අපේ රටේ බංකොලොත් දේශපාලන පක්ෂ වල අතකොළු බවට සරසවි සිසුන් පත්වීම අප අත් දකිමින් සිටි. එදා 88/89 සිදුකල විනාශයට නැවත ඔවුන් අත වන්න බව පෙනේ. පෙරේදා සෞක්‍ය  අමාත්‍යංශයට වැදුණු සිසුන් හැසිරුණ ආකාරයෙන්ද අපට එය විද්‍යාමාන වේ… සරසවි සිසුන් දේශපාලනයට ඇද දමනා බංකොලොත් දේශපාලන පක්ෂ වල නිරුවත අප හොඳින් හඳුනාගත යුතුය…

[rns_reactions]