බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඉවත් කර බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා බස්නාහිර මහ ඇමැතිවරයා ලෙස පත් කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග පවසයි.
බස්නාහිර මහ ඇමති ඉසුරු දේවප්‍රිය මහතා විසින් කොළඹ නගර සභාවේ කුණු ඉවත් කිරීමේ ටෙන්ඩරය එකවර වසර 4 ක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීම, දැනට කොළඹ නගර සභාවේ කුණු නිසියාකාරව ඉවත් නොකිරීම යන පදනම මත බොහෝ දුරට බස්නාහිර පලාත් සභාවේ මහ ඇමතිවරයා ඉවත් කිරීමට නියමිතය ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ වෙනුවට නව මහ ඇමතිවරයා ලෙස දැනට බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ නම යෝජනා වී තිබේ.
ඔහු නිර්දේශ කොට ඇත්තේ වර්තමාන මහ ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා ඉවත් කිරීමට නිර්දේශ කල ශ්‍රිලනිප ජාතික ලැයිස්තු ඇමතිවරයෙකු විසින් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

