එංගලන්තයේ රෝයි ආන්දෝලනාත්මකව ඉතිහාසගත වෙද්දී, දකුණු අප්‍රිකාව ජයගනී.

Spread the love

දකුණු අප්‍රිකා කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන T20 තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

මේ තරඟයේදී එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි පන්දු රකින්නනට බාදා කිරීම නිසා දැවී ගිය අතර ක්‍රිකට් ඉතිහාසයේ T20 තරඟයක ඒ ආකාරයෙන් දැවී ගිය පළමු පිතිකරුවා ලෙස රෝයි ඉතිහාසගත වූ අතර රෝයි දැවී නොයන්නට එංගලන්තයට ජය හිමිවන්නටද වැඩි ඉඩක් තිබිණි.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුල ලකුණු 174 ක් ලබාගැනීමට සමත් වුනේ නායක ඩිවිලියස් සහ ආරම්භක පිතිකරු ස්මුට් ලබාගත් වේගවත් ඉනිම් සමඟය.පන්දු යැවීමේදී ටොම් කරන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 174 හඹා යාමට පැමිණි එංගලන්තයේ මුල් පෙළ පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබාගැනීමට සමත් විය.අන්තරජාතික ඉනිම 11 කට පසුව ජේසන් රෝයි අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර ජොනී බ්‍රස්ටෝ අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේය.

අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 12ක් අවශ්‍ය වුවද එංගලන්තයට ලබාගැනීමට හැකි වුනේ ලකුණු 9ක් පමණි.තරඟයේ අවසන් පන්දුවාරයේ 5වන පන්දුවට හතරේ පහරක් එල්ල කිරීම සමඟ අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණු 4ක් අවශ්‍ය වුවද අන්ඩෙල් පිෂකොලොවා අවසන් පන්දුව ලකුණු නොදී යොමු කිරීම සමඟ දකුණු අප්‍රිකාවට ජය හිමි විය.

 

1011

[rns_reactions]